කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පැවසීමෙන් අර්බුදයක් නිර්මාණ වී ඇති බව වාර්තා වනවා.
අද පෙරවරුවේ ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ අදාළ නෞකා දෙකට මුදල් ගෙවා දැමීම හේතුවෙන් ගෑස් අර්බුදය විසදී යනු ඇති බවයි.
කෙසේ වෙතත් ඉහත ගැටළුව හේතුවෙන් මේ දක්වා එම නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර නොමැති බව වාර්තාවනවා.
කෙසේ හෝ අදාළ ගෑස් තොගය ගොඩබා ගැනීම සඳහා අදාළ සමාගම් සමගින් සාකච්ඡා කරමින් සිටින බවත් ලිට්රෝ සමාගමේ නිලධාරියෙකු මාධ්‍යයට සඳහන් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට