Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩොලර් බිලියන 08ක් වෙනුවෙන් රටේ මර්මස්ථාන රැසක් විකුණා දැමීමට බදු දීමට සියල්ල සුදානම්

වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වහාම උපයා ගැනීමට රජය අදහස් කොට ඇතැයි වාර්තා වේ.

මෙසේ බදු දීමට අදහස් කරන දේපළ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ” මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළද තිබේ.

මේවා දීර්ඝ කාලීන පදනමක් යටතේ බදු දෙනු ඇත.

කටුනායක ගුවන්තොටුපළ ඩොලර් බිලියන 2 කටත් මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 300 කටත් රත්මලාන ගුවන්තොටුපළ ඩොලර් මිලියන 400 කටත් බදු දීමට යෝජිතය.

මීට අමතරව කොළඹ වරායේ දකුණු කොටස ඩොලර් මිලියන 600 ක ආයෝජන පදනමක් යටතේ ලබා දීමටත් කොළඹ වරාය නගරයේ රජයට හිමි කොටස ඩොලර් බිලියන 4 කටත් බදු දීමට අදහස් කෙරේ.

එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට හිමි කොටස් සමූහය ඩොලර් මිලියන 500 කටත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රජයට අයත් කොටස් ඩොලර් මිලියන 300 කටත් විකිණෙනවා ඇත.

©දිවයින

About The Author