Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ඩෙල්ටා” බෝම්බයක්, බේරෙන්න නම් මීටර් දෙකත් මදි – සෞඛ්‍ය ඇමතිවරියට කිව්වට ගණන් ගත්තේ නැහැ – වෛරස පිළිබඳ මහාචාර්ය තිස්ස විතාරණ පවසයි

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බෝම්බයක් මෙන්ම භයානක එකක් බව ශ්‍රී ලංකාවේ ප්‍රකට වෛරස පිළිබඳව මහාචාර්යවරයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ “ඩෙල්ටා” ප්‍රභේදයේ අනතුරුදායක තත්ත්වය පිළිබඳ තමා විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය ද දැනුවත් කළ බවයි.

“ඩෙල්ටා” ප්‍රභේදය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණය අතිශයින්ම වැදගත් බව අවධාරණය කරන මහාචාර්යවරයා පවසන්නේ ඒ සඳහා මීටරයක පරතරය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

ඒ සඳහා අවම වශයෙන් පුද්ගලයන් අතර මීටර් දෙකක පරතරයක් වත් පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත්බව තමා විසින් සෞඛ්‍ය අමාත්‍යවරියටද අවධාරණය කළ නමුත් ඇය ඒ පිළිබඳව සැලකිය යුතු ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි මහාචාර්යවරයා පවසන්නේ.

එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා මතු කළ වැදගත් කරුණක් වූයේ රෝග ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත් පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් කටයුතු කිරීමෙන් වැළකිය යුතු බවයි.

එන්නත්කරණය අනිවාර්යෙන්ම සිදුකළ යුත්තක් බව පෙන්වාදුන් මහාචාර්යවරයා එන්නත් ලබා ගත් පමණින් කොරෝනා රෝගයෙන් ආරක්ෂා විය හැකි යැයි තක්සේරුවකට නොපැමිණිය යුතු බව ද අවධාරණය කළා.

රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බව සඳහන් කළ මහාචාර්ය තිස්ස විතාරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ වඩාත් වගකීමෙන් යුක්තව කටයුතු කරමින් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා කටයුතු කරන ලෙසයි.

About The Author