Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩලස් අගමැති කර ප්‍රශ්නය විසඳා ගැනීමේ සැලසුමක් කරලියේ!

මේ වන විට මතුව ඇති ජනතා විරෝධය සමනය කර ගැනීම සඳහා ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රමාත්‍යවරයා ලෙස හෝ මුදල් අමත්‍යවරයා ලෙස පත් කොට නව කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා සුදානමක් ඇති බවට මේ වන විට රාවයක් පැතිර යනවා.

නිල වශයෙන් මෙම කරුණ තහවුරු කර ගැනීමට නොමැති වුවද මේ වන විට මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රභාලයන් අතර සාකච්ඡාවක් පවතින බව සහ අද සවස මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමටද සූදානමක් පවතින බවයි වාර්තාවන්නේ.

ඩලස් අලහප්පෙරුම මහතා සම්බන්ධයෙන් සුගිය කාලයේ දේශපාලන අභ්‍යන්තරයෙහි විවිධ පැතිර ගිය අතර බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර පිරිස් ද ඩලස් අලහප්පෙරුම මහතා සමඟ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවට ද නොනිල තොරතුරු වාර්තා වුණා.

About The Author