“ටික්ටොක් මොබයිල් ඇප්” යනු ලොවට පිළිලයක් බව බහුතරයකගේ අදහස යි. එනමුත් මෙම යෙදවුම හේතුවෙන් රෝගයක් හඳුනා ගත් අවස්ථාවක් පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. මැටිල්ඩා බෝස්ලි නමැති මෙම 23 හැවිරිදි තරුණිය තමා හට ADHD එනම් අධික්‍රියාකාරීබවේ රෝගය ඇති බව හඳුනාගෙන තිබෙන්නේ ටික්ටොක්වලට පින් සිද්ධ වන්නට ය.
ටික්ටොක් සමාජයට යහපතක් සලසන්නේ යැයි කීම එක්තරා ආකාරයක ලැජ්ජාවකි. එනමුත් සමාජ මාධ්‍ය යෙදුමක් වන ටික්ටොක් වෛද්‍යවරුනට පෙර ඇයට ADHD ඇති බව හදුනා ගත්තේය.
“අවුරුදු 23 ක් තිස්සේ මගේ දෙමව්පියන්, මගේ ගුරුවරුන්, මගේ වෛද්‍යවරයා, මගේ මනෝ වෛද්‍යවරයා සහ මගේ මොළය යන සියලුදෙනාට ම අනතුරු ඇඟවීමේ සංඥා මඟ හැරිණි. නමුත් කෙසේ හෝ මට අහම්බෙන් රෝග විනිශ්චය සිදු කර ගැනීමට දින කිහිපයක් ගතවිය.”
සාමාන්‍ය පරිදි හැදී වැඩෙන විට ඇයට නිතරම දැනී තිබුණේ ලෝකයේ අන් සියල්ලන් ම ඇයට වඩා හොඳින් කටයුතු කරන බව යි. ඔවුන්ට ඇයට වඩා හමුවීම් සහ නියමිත දින මතක තබා ගත හැකි වී තිබණි. කිසියම් දෙයක් සැලසුම් කිරීමටත්, එම සැලසුම අනුගමනය කිරීමටත් තරම් ඔවුන්ට විනයක් ඇති බව මැටිල්ඩාට දැනී තිබුණු අතර වැදගත් සංවාද මධ්‍යයේ පවා ඔවුන් දවල් සිහින දැකීමට සමත් වන බව ඇයට වැටහී තිබිණි.
“විශ්ව විද්‍යාලයේදී මට මතකයි අධික්‍රියාකාරී පුද්ගලයෙකු හමු වුණා. ඒත් ඔහුට තිබූ කිසිදු රෝග ලක්ෂණයක් මට තිබුණේ නැත.”
ඇය කෙදිනකවත් පාසලේ දී පසුබැස තිබුණේ නැත. ඇය නිතරම අධික්‍රියාකාරී නොවූ අතර කිසි විටෙකත් පන්තියේ දී එතරම් කඩාකප්පල්කාරී නොවීය. කෙසේප වුවත් හැම විටම පාහේ තම හිස තුළ රූපවාහිනී යන්ත්‍ර 10ක් නිරන්තරයෙන් ක්‍රියාත්මක වනවා සේ මැටිල්ඩාට දැනී තිබිණි.
සාමාන්‍යයෙන් ටික්ටොක් යෙදවුම බාගත කර ගත් පසු එය විසින් ඔබේ රුචි අරුචිකම් හඳුනා ගැනීමට උත්සාහ කරයි. ටිකෙන් ටික එය ඔබට පෙන්වන්නේ ඔබ කැමැති දේ පමණි. ඒ අනුව මඳ කලක් ගත වන විට මැටිල්ඩාට හැඟී ගොස් තිබුණේ ටික්ටොක් යෙදවුම හරහා තමාට දක්නට ලැබෙන්නේ මෙතුවක් තම හිස තුළ දඟර කළ සිතුවම් හා හඬවල් බව යි. තවත් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ඇය පෙනී ගියේ මෙම වීඩියෝ පට සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආශාවන්ට ගැලපෙන දර්ශන නොවෙන බව යි. එනම්, තමා අසාමාන්‍ය සිතිවිලි සහිත බව යි.
වහා ක්‍රියාත්මක වූ මැටිල්ඩා මනෝ වෛද්‍යවරයෙකු සොයා ගියා ය. ඇගේ රෝගය ටික්ටොක් හරහා හෙළි වූයේ එසේ ය.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්