Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ටයර් සෑයක් ගසා මලසිරුරු දවන්නට වෙන දිනය වැඩි ඈතක නෑ – පානදුර නගරාධිපතිගේ කතාවේ ඇත්ත පැත්ත

පානදුර රෝහලේ මළසිරුරු ගැන යළිත් කතාවක්

පානදුර රෝහලේ කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු රැසක් ඇති බව පසුගිය දින කිහිපයේ ම වාර්තා වුණා.

පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක මහතාද අදාළ සිද්ධිය පිළිබඳව සංවේදී වූ අතර මළ සිරුරු ආදානය කිරීම විශාල අර්බුදයක් බවට පත්ව ඇති බව ඔහු අවස්ථා ගණනාවකදීම පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් නැවත වතාවක් පානදුර රෝහලේ ගොඩගැසී ඇති මළ සිරුරු ආදානය කිරීම පිළිබඳ පුවතක් වෙබ් අඩවි කිහිපයක වාර්තා කර තිබෙන්නේ නන්දන ගුණතිලක මහතා සිදුකල ප්‍රකාශයක් උපුටා දක්වමින්.

එහි සඳහන් කර තිබුණේ පානදුර රෝහලේ ගොඩගැසී ඇති මළසිරුරු ආදාහනය කිරීම සඳහා ටයර් සෑයවල් ඉදිකිරීමට නුදුරේදීම සිදුවනු ඇති බවයි.

කෙසේ නමුත් නන්දන ගුණතිලක මහතා ඒ පිළිබඳ තම Facebook පිටුවෙහි මෙලෙස සටහන් කර තිබුණා.

මේ ප්‍රවෘත්තිය , එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍ය මිතුරෙකු මා වෙත , බොහෝකලකට පසුව දුරකථන ඇමතුමක් දුන් විට පෞද්ගළිකව මා ඔහුට කී කතාවකි.

සැබැවින්ම මා ඔහුට කීවේ කෝවිඩ් තත්වය වර්ධනය වෙමින් යන වේගය සහ මරණ ගණන වැඩිවෙමින් පවතින වේගය අනුව ඉදිරියේදී ආදාහනාගාරවල ධාරිතාවය ප්‍රමාණවත් විය නොහැකි නිසා ඉන්දියාවේ සහ තවත් සමහර රටවල මෙන් දර සෑ ද යොදාගැනීමට සිදුවිය හැකි බව සහ තවදුර තත්වය වර්ධනය වුවහොත් සමූහ මිණීවලවල් සහ ටයර්ද යොදාගැනීමට සිදුවිය හැකි බවයි.

පානදුර නගර සභා ආදාහනාගාරයට එන මරණ සංඛ්‍යාව දැනටමත් ඔරොත්තු නොදෙන අතර භූමදානය කිරීම සඳහාද ප්‍රමාණවත් ඉඩක් නැති බව වැඩිදුරටත් ඔහුගේ විමසීම් අනුව කීවෙමි.

පානදුර MOH මගින් සතියකට දින තුනක් පළමු පෙළ ආශ්‍රිතයන් උපයෝගීකොට ගණිමින් කරමින් සිටින RAT පරීක්ෂා වලට අනුව ඉන් 40% ක් පමණ ආසාධිතව ඇතිබව හෙළිදරව්වී ඇති අතර , අහඹු තෝරාගැනීම් මගින් පරීක්ෂා කලහොත් එය ඊට වඩා ඉහළ යා හැකි බව ද ඊයේ මා කල විමසීමකදී MOH කාර්‍යාලයේ ප්‍රකාශකයකු විසින් තහවුරු කරණ ලදී.

මේ තත්වයන් තවදුරටත් අරාජිකව සහ අපාලිතව වර්ධනය වෙමින් පවතින නිසා පෙර මා සඳහන් කල තත්වයන් ඇති නොවිය හැකියැයි කිසිවකුට හෝ තහවුරු කලනොහැකි බව මා නැවත කීමට කැමැත්තෙමි.

එමෙන්ම එය මේ මොහොතේ තත්වය නොවන බවත් , එය මගේ අත්දැකීම්වලට දැනෙන පරිදි කියන ලද අනාගත වාක්‍යයක් වන බවත් කීමටද කැමැත්තෙමි.

මේ ප්‍රකාශයෙන් කලබල වී ඇති නිලධාරී සහ දේශපාලක මහත්වරු කල යුතුව ඇත්තේ මගේ ප්‍රකාෂයේ ගුණ දොස් විශ්ලේෂණය කිරීම පසෙක තබා අප ඉදිරියේ එන මේ බියකරු අභියෝගයට මුහුණදීම සඳහා විසඳුම් සෙවීම බව ද ඉතා දැඩිව අවධාරණය කිරීමට කැමැත්තෙමි..!!!

සියළු සත්වයෝනිදුක් වෙත්වා .!

නීරෝගී වෙත්වා .!!

සුවපත් වෙත්වා ..!!!

දුකින් මිදෙත්වා..!!!!

About The Author