Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඥාණසාර හිමි ඉස්ලාමීය රාජ්‍යයක සිටියේ නම්, දඬුවම හිස ගසා දැමීම, එල්ලා මැරීම, ගල් ගැසීම වන්නට තිබුණා – සහරාන් දේශනයකදී කියලා

තුණුරුවන් යනු මැණික් ගල් තුනක් යැයි පැවසු ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතා අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී එම අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශනයක් පැවැත්වීමට,පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවෙකු වූ සහරාන් හෂීම් කටයුතු කර තිබෙනවා.

2016 නොවැම්බර් 20 වැනිදා පවත්වා ඇති අදාළ දේශනයේදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ විවේචනාත්මකව අදහස් දක්වා ඇති සහරාන් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ක්‍රියාවන් ඉස්ලාමීය රාජ්‍යයක සිදුවූයේ නම් ඊට දඬුවම් හිස ගසා දැමීම. එල්ලා මැරීම, ගල් ගැසීම හෝ පිටුවහල් කිරීම විය හැකි බව ද සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මුස්ලිම්වරුන් වෙනුවෙන් කතා කරමින් සිටියදී අබ්දුල් රාසික් අත්අඩංගුවට ගත් බවයි. 

මුස්ලිම් සටන්කාමීත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ අපේක්ෂකයකුගේ නිබන්දනයක් සඳහා 2013 ඔක්තෝබර් 22 වැනිදා සාකච්ඡාවක් ලබාදී ඇති සහරාන් එහිදී මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු ලෙස පහත සඳහන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

අ. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට නිරන්තරයෙන් හිරිහැර කරනු ලබන අතර එය වැළැක්වීමට බලධාරීන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගනී. මියන්මාරයේ මුස්ලිම්වරුන්ගේ ඉරණමද ඔහු පෙන්වා දුන්නේය.

ආ. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට තම දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමට නිදහස නැත.

ඇ. බොදු බලසේනා සහ රාවණා බලය වැනි ‘‘ සිංහල අන්තවාදී කණ්ඩායම්වල’’ ක්‍රියාකාරකම් වහාම නතර කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

ඈ. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් පිළිබඳව සාකච්ඡා කරමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් රචිත පොත්වල මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් චෝදනා අඩංගු බැවින් හා එම චෝදනා ප්‍රබන්ධ වන බැවින් එම පොත් තහනම් කළ යුතුය.

ඉ. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අතර සංස්කෘතික උකහා ගැනීමක් අවශ්‍ය නොවන බැවින් එය මුස්ලිම්වරුන්ගේ සංස්කෘතියට හානි කරයි.

ඊ. අල් කුරානයේ එන ඉගැන්වීම් මුස්ලිම්වරුන්ට තදින් පිළිපැදිය යුතු අතර ෂරියා නීතිය සියලුම මුස්ලිම්වරුන්ට අනිවාර්ය විය යුතුය.
 

බොදු බලසේනා සහ රාවණා බලය වැනි බෞද්ධ ව්‍යාපාර මීට වසර කිහිපයකට පෙර නොතිබූ මෑත කාලීන සංසිද්ධියක් බවත් ඒවා පැවතීමට හේතුව කුමක්ද යන්න අදාළ සිසුවා විසින් සහරාන්ගෙන් විමසා ඇති නමුත් ඒ සඳහා සහරාන්ට ප්‍රමාණවත් පිළිතුරක් ලබාදිය නොහැකි වූ බව ඔහු සඳහන් කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ නිමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ දක්වා තිබෙන බව ලංකාදීප වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

About The Author