පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රසිද්ධියට පත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පාස්කු කොමිසම විසින්ම ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තාවනවා.
ඔවුන් දැනුම් දී ඇත්තේ සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර ජාතික ආරක්ෂාව පිළිබඳ එහි ඇති සංවේදී කරුණු පිළිබඳ අවදානය යොමුකරන ලෙසයි.
ජාතික ආරක්ෂාවට සහ රාජ්‍ය බුද්ධි අංශවලට අදාළ තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳව දැඩිව අවධානය යොමුකරන ලෙස අදාළ කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව අරුණ පුවත් පත අද තම මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් යටතේ වාර්තා කර තිබුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පෙබරවාරි 1 වැනිදා භාරදුන් පාස්කු අවසන් වාර්තාව වෙළුම් 6 කින් සමන්විත අතර මේ වන විට එහි පළමු වෙළුම පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
නමුත් වාර්තාවන අන්දමට එහි වෙළුම් දෙකක ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය බුද්ධි අංශවලට අදාළව ඉතා රහසිගතව ලබාගත් තොරතුරු සහ සාක්ෂි රැසක් අන්තර්ගතවන බව ජනාධිපති කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව සඳහන්.
මේ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණ මුල් කර ගනිමින් පාස්කු කොමිසමට අදාළ සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට