ජනාධිපතිවරයාට බලයට පත්වීම සඳහා පාස්කු ප්‍රහාරය සැලසුම් කළා කියන කතාව පදනම් විරහිතයි – මැදගොඩ අභයතිස්ස හිමි
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලන බව පවසමින් ජාත්‍යන්තරයට යාම කිසිසේත් අනුමත නොකරන බව මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
උන්වහන්සේ සඳහන් කළේ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් සිදු කළාක් මෙන් ජාත්‍යන්තරය හමුවේ රට පාවාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානයට හෝ කතෝලික සභාවට කිසිදු අයිතියක් නොමැති බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රටේ පාලකයා සමග සාකච්ඡා කිරීම සිදුකළ යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
එසේත් නොමැතිව සියලු දෙනා එක් වී රට විනාශ කිරීම නොකරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියා.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශය
මේ අතර මාධ්‍යයට අදහස් දක්වමින් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය ලබා ගැනීමේ අරමුණින් පාස්කු ප්‍රහාරය සැලසුම් කළ බවට පදනම් විරහිත ප්‍රකාශයක් සමාජගත කෙරීමට ඇතැමුන් උත්සාහ දරන බවයි.
එලෙස කටයුතු කළ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ප්‍රශ්න කරන අවස්ථාවේදී ඔහු සමග පැමිණි කතෝලික පියතුමන් දෙපළ එල්ටීටීඊ සංවිධානයට පක්ෂව පෙනී සිටි සංවිධානවල සාමාජිකයන් බවට චෝදනාවක් ද එල්ල කළා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් පවතින බවද උන්වහන්සේ සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි