Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජාත්‍යන්තර ආයෝජන ආකර්ශනය කර ගැනීමට නව අවස්ථා ඇතිකරන්න – අගමැති

වේගවත් ආර්ථික ප්‍රගතිය ඉලක්ක කරමින් ජාත්‍යන්තර ආයෝජන ආකර්ශනය කර ගැනීමට නව අවස්ථා ඇති කරන්න බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අලුතින් පත් වූ රටවල් 10ක ශ්‍රී ලංකා තානාපතිවරුන් අතර හමුවක් පසුගිය 13 වෙනි දින අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ අවස්ථාවේදිය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙසු ලෝකය සමඟ අන්තර් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ප්‍රදර්ශනය කරන ලෙසත්, ආයෝජන සහ හවුල් ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට නව මුලපිරීම් ගන්නා ලෙසත් ය.

අපගේ අවධානය යොමු වන්නේ වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමයි. ඔබ නිරන්තරයෙන් සත්කාරක රජයන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන, ප්‍රමුඛ ආයෝජකයින් සහ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සමඟ සම්බන්ධ විය යුතුයි. ශ්‍රී ලංකාව ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතු අතර එය හුදෙක් සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව ප්‍රධාන වශයෙන් ආයෝජන සහ වෙළඳාමට සුදුසු ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතුව තිබේ. අනෙකුත් රටවල් සමඟ සමීපව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට තමන්ගේම ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකිය.

ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට නව ජාලයක් ගොඩනැගීම සඳහා සත්කාරක රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම්ලත් සංවිධාන සහ එම රටවල සිටින ශ්‍රී ලංකාවට හිතවත් වැදගත් මිතුරන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නව තානාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (පාකිස්ථානය), එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ (නේපාලය), ක්ෂෙනුකා සෙනෙවිරත්න (ඉන්දියාව), අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න (කියුබාව), සත්‍යජිත් රුද්‍රිගෝ (ඉතාලිය), මධුරිකා වෙනින්ගර් (ඊජිප්තුව), ධර්මපාල වීරක්කොඩි (බංග්ලාදේශය), සෙනරත් දිසානායක (සිංගප්පූරුව) සහ චන්දන වීරසේන (බෙල්ජියම සහ යුරෝපා සංගමය) අලුතින් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස අග්‍රාමාත්‍යවරයා හමුවිය.

About The Author