හොඳටම කළ අය පෝලිමේ තියා ගෙදර යවන බව කියයි
රටේ පවතින පීඩාකාරී තත්වයට හා ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අම්බලන්තොට නගර මධ්‍යයයේ දැවැන්ත විරෝධාතවක් සංවිධානය කර තිබුණා.
විශොල ජන සහභාගිත්වයක් දක්නට ලැබුණු එම විරෝධතාවය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නායක නිහාල් ගලප්පත්ති, මාතර දිස්ත්‍රික් නායක සුනිල් හඳුන්නෙත්ති, ගාල්ල දිස්ත්‍රික් නායක නලීන් හේවගේ සහ ජවිපෙ ප්‍රාදේශීය නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මෙම විරෝධතාවය හේතුවෙන් හම්බන්තොට කතරගම මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් අතර එම මාර්ගයෙ දැඩි වාහන තදබදයක්ද ඇති වී තිබුණා.
ජනතාව කබලෙන් ලිපට අද දැමු දුර්දාන්ත පාලනය පන්නා දැමිය යුතු බවයි විරෝධතා කරුවන් එහිදී පැවසුවේ.
ජනතා ප්‍රශ්නවලට වහා විසඳුම් ලබාදීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මහජන විරෝධය දැඩිව ආණ්ඩුවට විඳීමට සිදුවන බවද ඔවුන් සඳහන් කළා,
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි