පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ මැයි දින රැළිය පැවැත්වීමට යොදාගෙන තිබුණු සැලසුම් වෙනස් කර, එය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර සඳහන් කෙරුනේ කවර බාධක පැමිණියද මැයි දින පෙළපාලියක් නොපවත්වා රැළියක් පමණක් පවත්වන බවයි.
කෙසේ වෙතත් දැනට පවත්නා තත්වයන් සැලකිල්ලට ගනිමින් මැයි දින සැමරුම සහ රැළිය බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේදී සැමරීමටත් ඒ සමග අන්තර් ජාලය හරහා ජනතාව සම්බන්ධ කර ගැනීමටත් අවශ්‍ය කටයුතු සලසා ඇති බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළා.
ඒ අනුව මැයි 01 දින පෙරවරු 10.00 ට අන්තර් ජාලය ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම සජීවීව විකාශය කිරීමට නියමිතයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට