කොළඹ වරායෙන් නිදහස් කර නොගැනුණු කහ දොඩම් කිලෝ 72,000 ක් (බහලුම් තුනක්) රෝහල්වලට බෙදා හැරීම සඳහා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බාරදෙනු ලැබීය.
මෙසේ බාරදෙනු ලැබූ දොඩම් ගෙඩිවල වටිනාකම රුපියල් කෝටි 7කට වැඩි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
මෙම දොඩම් කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් 60කට පමණ බෙදාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ප්‍රදාන පිළිබඳ අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට