මූල්‍ය අර්බුදයකට රට මුහුණ පා සිටින අවස්ථාවක සහ පැය පහක් ඉක්ම වූ විදුලි කප්පාදුකට රට මුහුණ දී ඇති අවස්ථාවක විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පිරිසක් විසින් විශාල මුදලක් නාස්ති කරමින් සිදු කිරීමට යන සංචාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා.
පුහුණු සැසියකට පවසමින් ජේෂ්ඨ ඉංජිනේරුවරුන් පස්දෙනෙකු මුල් අදියරේ දී ස්විස්ටලන්තය බලා පිටත්ව යාමට සැලසුම් කර තිබෙනවා.
මෙම චාරිකාව සඳහා යුරෝ ලක්ෂ තුනක පමණ මුදලක් වැය වන බවට ගණන් බලා තිබෙනවා.
මණ්ඩලයේ සේවකයින් චෝදනා කරන්නේ විශ්‍රාම යාමට ආසන්න වයස් වල සිටින නිලධාරීන් පස් දෙනකු මෙලෙස පුහුණු සැසියක් බව පවසමින් සංචාරයක නිරත වීම කණගාටු දායක තත්වයක් බවයි.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?