වසර 88ක සිරදඬුවමකට නියම වී බන්ධනාගාරගතව සිටිද්දී ජනධිපති සමාව ලැබ නිදහස්වී පැමිණ මාස 4කට පසුව සිය අනියම් සැමියා සමග එක්ව ඊසි කැෂ් ක්‍රමයට හෙරොයින් අලවිකරමින් සිටි කාන්තාවක හා එම අනියම් සැමියා අනුරාධපුර, රස්නායකපුරදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර හා දූෂණ මර්දන ඒකකය පවසනවා.
හෙරොයින් ග්‍රෑම් 12ක් ද මොවුන් ළඟ තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක කාන්තාවක හා ඇගේ අනියම් සැමියා බව කියන වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
සැකකාර කාන්තාව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, සැකකරු පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම කාන්තාව හා ඇගේ නීත්‍යනුකූල සැමියා ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීම, මත්ද්‍රව්‍ය අලෙවිය ආදී දූෂණ ක්‍රියා සඳහා වරදකරුවන් වීම නිසා වසර 88ක සිරදඬුවම් විඳිමින් සිට තිබෙනවා.
එම සිරදඬුවම වසර 13ක් ගෙවා දැමීමෙන් පසු මීට මාස හතර හමාරකට පමණ පෙර අදාළ කාන්තාවට පමණක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් වෙනත් වැරැදි සඳහා මෙම කාන්තාව විටින් විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබූ අතර, අනියම් සැමියා හඳුනාගෙන ඇත්තේ එම නඩුහබ සඳහා පැමිණි අවස්ථාවලදී බවයි පැවසෙන්නේ.
ඒ අනුව, දෙදෙනා අනුරාධපුරයට පැමිණ පොතානේගම ප්‍රදේශයෙන් නිවෙසක් කුලියට ගෙන හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, මීට ටික දිනකට පෙර එම ප්‍රදේශය අතහැර අනුරාධපුර නගරයට ආසන්න රත්නායකපුර ප්‍රදේශයෙන් නිවෙසක් කුලියට ගෙන ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
© දයාරත්න ඇඹෝගම
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට