Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනාධිපති මාධ්‍ය අංශය මහජන මුදලින් පිටරට යාලුවන්ට අතුරුපස සැදීමේ ව්‍යාපෘතියක – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීම සදහා අලුතින් ඉදිකල නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය සඳහා පසුගිය දිනවල මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණා.

එලෙස මාධ්‍ය මගින් ප්‍රචාරය කල ස්ථානය ආකෘතියක් (Dummy) බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසන්නේ මේ වන විටත් ආන්දෝලනයට තුඩුදී තිබෙන අදාළ මාධ්‍ය මධ්‍යස්ථානයේ අඩුපාඩුකම් සහිත ඇතැම් නිර්මාණ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධි අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

කිංස්ලි රත්නායක මහතා සදහන් කරන්නේ විදේශයක සිට ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ වැරදි අඩුපාඩු සොයන පුද්ගලයින් ඉලක්ක කරගෙන මෙම ආකෘතිය ඔවුන් සඳහා අතුරුපසක් ලෙස නිර්මාණය කළ බවයි.

එහි නිවැරදි පසුතලය එළැඹෙන 29 වනදා විවෘත කිරීමේ උත්සවයේදී දැකගත හැකි බවද ඔහු සදහන් කරනවා.

කෙසේ වෙතත් මෙම නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය පිළිබදව දෙරණ සහ හිරු රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කළ අතර එහිදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කිසි විටකත් මෙය ආකෘතියක් ලෙස හඳුන්වා දුන්නේ නැහැ.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පවා උල්ලංඝනය කරමින් නිර්මාණය කර ඇති පුවරුවක් සම්බන්ධයෙන් ද දැඩි විවේචනයක් එල්ල වී තිබු අතර ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ විරෝධතාවන් ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පවසන ආකාරයට එය ආකෘතියක් මිස ස්ථිර නිර්මාණය නොවේ.

අනෙක් අතට තව දින දෙකකින් විවෘත කිරීමට තිබෙන ස්ථානයක තවමත් පවතින්නේ ආකෘතියක් ලෙස බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීම පුදුම සහගත කරුණක්.

එමෙන්ම විදෙස්ගතව සිට විවේචනය කරන පුද්ගලයෙකුට අතුරුපස සැපයීම සඳහා ජනතා බදු මුදල් වියදම් කරමින් ආකෘති සෑදීම මෙවන් බරපතල ආර්ථික අර්බුධයක් ඇති මොහොතක ජනතා බදු මුදල් නාස්ති කිරීමක් ලෙස ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා නොදැකීමද විශේෂත්වයක්.

පහතින් දැන්වෙන්නේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු ලබාදී ඇති ආකාරයයි.

ගොරවනීය නිලයක් දරණ ඔහු දී ඇති ඇතැම් පිළිතුරු ඔහුගේ තනතුරට තරම් නොවන ආකාරයද දක්නට ලැබීම විශේෂත්වයක්..

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කර ඇති බවට චෝදනා නැගෙන පුවරුව

About The Author