Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනාධිපති මහ රෑත් ඇවිදී – සුව දුක් විමසයි

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා දිවයින පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අතරින් මෙරට ස්ථාපිත කරන ලද ප්‍රථම දිවා රාත්‍රී එන්නත්කරණ මධ්‍යස්ථානය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ ක්‍රියාත්මක කෙරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මැදිහත්වීමෙන්.

විශාල පිරිසක් මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය හරහා මේ වන විට සේවය ලබාගෙන ඇති අතර එය බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පසුගියදා (02) රාත්‍රියේ අදාළ එන්නත්කරණ මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණයකට සහභාගී වුයේ අදාළ එන්නත්කරණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන අතරතුරම වීම විශේෂත්වයක්.

එහිදී ජනාධිපතිතුමන් එහි පැමිණ සිටි මහජනතාව සහ යුද්ධ හමුදා සෞඛ්‍ය කාර්යමණ්ඩලය සමග සුහද පිළිසදරක නිරත වූණා.

මෙම අවස්ථාව සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක්ද එක් ව සිටියා.

About The Author