ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ වන විට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා මාධ්‍යයට පවසා ඇත්තේ ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවයි.
ජාතිය මුහුණ දී සිටින විවිධ ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
රත්නායක වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා ඇතැම් පිරිස් විසින් මෙවැනි කටකතා පතුරවන බවයි.
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ හමුවක් කැඳවා ඇතැයි වාර්තාවනවා.
පවතින ආර්ථික අර්බුදය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර ඇති බවයි කියවෙන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාර්තු 23 වැනි බදාදා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත්තේ රටේ පවතින ගැටළු සඳහා විසඳුම් සෙවීමේ අරමුණින්.
© NewsWire
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා