ගෑස් මාෆියාවේ සියලු වරද සභාපති පිට පටවා අත පිස දමා ගැනීමට සැරසෙයි
බැසිල් රාජපක්ෂ මහතාගේ කිට්ටුවන්ත යෙකු ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි ” ගෑස් මාෆියාව” යන මැයෙන් සටහනක් තබා තිබෙනවා.
එහි දක්වා තිබෙන්නේ ගෑස් මාෆියාවට වරදකරු වී සිටින ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා එජාපයේ අදහස් ලබාගෙන ඇති බවයි.
අදාල සම්පූර්ණ සටහන පහලින්
සැබෑ ගෑස් මාෆියාව
සැබෑ ගෑස් මාෆියාව ඊයේ ජනාධිපතිවරයා ලිත්රෝ සමාගම් පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේ දී, එහි සභාපතිවරයා තවදුරටත් තබා ගන්නා ලෙස ජනතිගෙන් ඉල්ලා සිටි තිදෙනා පහත දැක්වේ. තිදෙනාම පසුගිය යහපාලන රජයේ ප්රමුඛ පෙළේ ක්‍රියාකාරීන් බව ප්‍රසිද්ධ කරුණකි. එක් අයෙකු, එනම් ටෙරන්ස් නැමැත්තා එජාප වෘත්තීය සමිතියේ නායකයාය. මේ සියළු දෙනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සභාපතිවරයා තවදුරටත් තබා ගන්නා ලෙසයි. හේතුව පැහැදිලි ය. ඔවුන්ගේ නායකයින්ට අවශ්‍ය වන්නේ ගෑස් අර්බුදය තවදුරටත් තබා ගනිමින් ජනාධිපතිවරයා හා ආණ්ඩුව දිනෙන් දින පිරිහීමට ලක් කිරීමය. පුවත් සිරස්තල මැවීමය. පෝලිම්වල සිට ආණ්ඩුවට හෙණ ඉල්ලීමය. තම පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන්, රටක් හා ආණ්ඩුවක් බිල්ලට දෙන අතරතුර, වෘත්තිය සමිති නායකයින් යොදාගෙන රටේ ජනාධිපතිවරයා පවා නොමග යවමින් කටයුතු කිරීම කොතරම් පිළිකුල් ද?



අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්