Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනාධිපති ඇමති මණ්ඩලේට තරම කියා දෙයි

රාජ්‍ය ඇමති කම් නමට පමණ ද ?

අමාත්‍යාංශවල කටයුතු පහසු කරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත් , අමාත්‍යාංශ වල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් හමුවේ දී කැබිනට් ඇමැතිවරුන්ට සිහි කර දී ඇතැයි වර්තාවනවා.

මේ පිළිබඳව සංවාදය මතු වී ඇත්තේ කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර සමහර අමාත්‍යාංශවල ඇතිවී තිබෙන ගැටුම පිළිබඳ කැබිනට් හමුවේ දී ඇමතිවරුන් ජනාධිපති වරයාට දැන් වූ අවස්ථාවේදී බවයි වාර්තාවන්නේ.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කැබිනට් ඇමතිවරයා ගේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවයි.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම මේ සම්බන්ධව දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බවද සඳහන්.

මේ වන විට වනජීවී ඇමති සී බී රත්නායක සහ රාජ්‍ය ඇමති ඇමති විමලවීර දිසානායක අතර ඇතිවී තිබෙන ගැටුම, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහ සනත් නිශාන්ත අතර ගැටුම වැනි අර්බුදකාරී තත්ව සම්බන්ධව සාකච්ඡාවට ලක් ව තිබෙනවා.

© Lanka C News

About The Author