ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුර විදානගමගේ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වනවා.
එම තනතුරට මෛත්‍රිපාල සිරිසේන විසින් 2019දී පත් කළ ඒ. එන්. මුසාමිල් පසුගිය 04 වෙනි දින ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වී සජිත් පිල සමඟ එක්වීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන් මෙම පත්වීම සිදුකර තිබේ.
අනුර විදානගමගේ පසුගිය 04 වෙනිදා පවත්වන ලද රනිල් වික්‍රමසිංහගේ මහියංගන ප්‍රචාරක රැලිය සංවිධානය කළ පුද්ගලයාද වන අතර රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ ගේ සහෝදරයාද වේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට