ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා නම් කර තිබෙනවා.
ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් මහතායි.
යාපනයේ සෙල්වා කලාගාරයේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත්කර ඇත.
ජනාධිපතිවරණය සඳහා දෙමළ පාර්ශ්වයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය සහ දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කරනු ලැබුවා.
සී.වී. විග්නේශ්වරන්ගේ දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ, ප්ලොට්, ඊපීආර්එල්එෆ්, දෙමළ ජාතික හරිත ව්‍යාපාරය, දෙමළ ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂය, සිවිල් සමාජ සංවිධාන සමඟ එක්ව දෙමළ පොදු අපේක්ෂකයාට සහාය පළ කරන බව දැනටමත් දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසුකච්චි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින බවද වාර්තා වනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට