ජනාධිපතිගේ නෙමෙයි කාගේ අලියෙක් වුණත් පව්කාරකම් වලට මම නෑ කියා එළියට බැහැලා
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටී අලි පැටවුන් කිහිපදෙනෙකු නිදහස් කිරීම සඳහා කටයුතු කරන්නැයි ඉහලින් ලද නියෝගයන් හමුවේ ඉල්ලා අස් වූ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ෆේස්බුක් පිටුවෙහි තවත් සටහනක් තබා තිබෙනවා.
ඒ
හිංසනය,කෲරත්වය මත රැකෙන බෞද්ධ සංස්කෘතිය.. අනුමත කල හැකිද?
යනුවෙන් ප්‍රශ්නාර්ථයක් මතු කරමින්.
ඇත් පැටවෙකුට කෘර ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද එහි ඇති අතර එම ඇත් පැටවා මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාට අයත් බවද එහි සඳහන් වනවා.
වනාන්තර වලින් ද නීති විරෝධී ලෙස අල්ලාගෙනවුත් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත උල්ලංඝනය කරමින් විවිධ පුද්ගලයන් විසින් රඳවාගෙන සිටි අලි පැටවුන් 38 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් පවතින අතර වාරයේ ඉන් පැටවුන් කිහිපදෙනෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉහලින් ලද නියෝග හමුවේ ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබුණා.
වාර්තා වන අන්දමට දිගින් දිගටම අලි පැටවුන් නිදහස් කිරීම සඳහා ඇයට බලපෑම එල්ල වී ඇති අතර පසුව එන්.ජී රාජපක්ෂ නම් පුද්ගලයකුට අයත් බව පවසමින් අලි පැටියකු නිදහස් කිරීම සඳහා ද ඇයට ඉහළින් නියෝග ලැබී තිබෙනවා.
එහිදී ඇය පවසා ඇත්තේ පුද්ගලයා ජනපති වුවත්, කවුරුන් වුවත් අසරණ සතුන් පීඩාවට පත්කරන ක්‍රියාවක් සඳහා තමාට මැදිහත් විය නොහැකි බවයි.
එසේ පවසමින් ඇය සිය ධූරයට සමු දී තිබුණා.
එලෙස තමන් දැරූ සත්වෝද්‍යානය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සමුදුන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය අද සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන සහ වීඩියෝවයි මේ..
මෙර් පංසල්වල හාමුදුරුවරුන්ව බුද්ධාගමට හරවා ගැනීමට කටයුතු කල යුතුයි. එවිට මේ ප්රශ්නය විසදෙනවා.