Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ශ්‍රී ලංකාවේ සංචාරයක

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රශ්මිකා මන්දනා කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ, තමාට ඉතාමත් සමීප යෙහෙළියන් කිහිප දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථානයක නවාතැන් ගනිමින් දින දෙකක නිවාඩුවක් ගත කළ බවයි.

රශ්මිකා යෙහෙළියන් සමඟ විනෝදජනක නිවාඩු කාලයක් ගත කරන අයුරු දක්වෙන සොඳුරු ඡායාරූප කිහිපයක්ද සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ හුවමාරු කරගෙන තිබුණි.

මේ දිනවල නෙට්ෆ්ලික්ස් ඔස්සේ තිරගත වන The Girlfriend සිනමා පටයෙහි ප්‍රධාන භූමිකාවට පණ පොවන රශ්මිකා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් අතරද අතිශය ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබේ.

About The Author