4 වන ආසියා පැසිෆික් ජල සමුළුව අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ සම්පුර්ණ කතාව
සියයට පනහකට වැඩියෙන් වේගයකින් පසුගිය කාලයට සාපේක්ෂව ජනතාවට ජල සැපයුම් ලබා දීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ 4 වන ආසියා පැසිපික් ජල සමුළුව අමතමින්.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ඉදිරි තෙවසර තුළදී සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැලසීම රජයේ අරමුණ බවයි.
තිරසර සංවර්ධනය සඳහා ජලය : ප්රශස්ත භාවිතයන් සහ ඊළඟ පරම්පරාව
රාජ්‍ය නායකයිනි ,නියෝජිතවරුනි,
ශ්‍රී ලංකාව සහශ්‍ර ගණනාවක් පුරා දිවෙන සමෘද්ධිමත් ජල කළමනාකරණයකට උරුමකම් කියන දූපත් රාජ්‍යයකි.
අපගේ මුතුන්මිත්තන් විසින් අතිවිශාල ජල විද්‍යාත්මක ව්‍යාපෘති හරහා අපගේ භූ දර්ශනය පරිවර්තනය කරා නවීන කෘෂිකර්මාන්තයක් පවත්වා ගෙන යමින් ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස කීර්තියක් අත්පත් කර දෙන ලදි.
ජලය ආශ්රිත තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මාගේ රජයේ කැපවීම මෙම පොහොසත් උරුමය මඟින් මෙහෙයවනු ලබන අතර, එය තිරසර බව අවධාරණය කරන අපගේ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසකි.
අපගේ ජල පද්ධතිවල තිරසර බව සහ ප්‍රත්‍යාස්ථතාව ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛතාවයකි. වඩාත් කාබනික සහ තිරසර කෘෂිකර්මාන්තයක් සඳහා රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක අධික ලෙස භාවිතා කිරීම අප විසින් අධෛර්යමත් කිරීම මෙම අවශ්‍යතාවයේ කොටසක් ලෙස පදනම් විය.
ගංගා 100කට අධික ප්‍රමාණයක් පිරිසිදු කිරීමේ සහ ගං ඉවුරු ඛාදනය අවම කිරීම, වැලි ගොඩ දැමීම, අනවසර ඉදිකිරීම් සහ අපජලය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපගේ ජලමාර්ගවලට මුදාහැරීම් නැවැත්වීමේ අපගේ ජාතික වැඩසටහන ද එසේ ම ය.
2025 වන විට සැමට පිරිසිදු ජලය සැපයීම මෙන් ම සනීපාරක්ෂක පහසුකම් සැපයීම ඇතුළු ජලය ආශ්රිත යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම ජාතික ඉලක්කයක් ලෙස පවතී.
අපි දැනට පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු කර දුර්වල ආවරණයක් සහිත ප්‍රදේශ සඳහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ද අවධානය යොමු කර ඇත.
කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ පවා, පසුගිය වසරවල වාර්ෂිකව ලබා දුන් ජල සම්බන්ධතා සංඛ්‍යාවට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ලබා දෙන නව ජල සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට මගේ රජයට හැකි විය.
ජල චක්‍ර කළමනාකරණය වැඩිදියුණු කිරීමට ඉවහල් වන ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාත්මක කරන ලදී.මගේ රජයේ සංවර්ධන ප්‍රයත්නවල මූලික හරය වන සියලු ම ශ්‍රී ලාංකිකයන් සඳහා සියලු දෙනා එක් කර ගත් සහ සහභාගී කර ගත් සංවර්ධනයක් වැඩි දියුණු කිරීම සඳහා අප ලබා දෙන අවධානය මෙම ජයග්‍රහණවලින් පිළිබිඹු වේ.
වසංගතය නිසා තවත් නරක අතට හැරී ඇති සහ අපගේ පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත්වලට ඇති අවකාශයන්ට සැලකිය යුතු ලෙස බාධාවන් පැමිණ තිබියදීත්, මෙවැනි සංවර්ධනයක් අත් කර ගැනීම සඳහා මෙන් ම පරිසරය පිළිබඳ ප්රගතිශීලී න්‍යායපත්‍රයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැප වීම නො වෙනස් ව පවතී.
මෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා අපගේ තිරසාර ප්රයත්නයන් වෙනුවෙන් ඇති ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන් ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබා දෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.
අද ජීවත් ව සිටින අප සැවොම අනාගත පරපුර වෙනුවෙන් මේ මිහිතලයේ භාරකරුවන් ලෙස කටයුතු කරයි. අපගේ අනාගත පරපුර වෙනුවෙන් තිරසර සංවර්ධනය සඳහා ජලය කළමනාකරණය කිරීම අප සැමගේ යුතුකමකි.අපේ ජනතාව සහ අපේ පෘථිවිය වෙනුවෙන් අපි මේ සඳහා නො පසුබට ව කටයුතු කරමු.
ඔබට ස්තුතියි!
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි