Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති විවේචනය කළ විජේදාස ගැන පොහොට්ටුවෙන් විනය පරීක්ෂණයක්

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන වරයා නගර ව්‍යාපෘතියට එරෙහිව ජනතව නොමග යැවීම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කිරීම සහ පක්ෂයේ සාමුහිකත්වය පැහැරහැරිම යන චෝදනාවන් යටතේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ ජේෂ්ඨයෙකු අප වෙත තහවුරු කළා.

ඔහු සඳහන් කළේ වරාය නගරය සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතාට යම් විරෝධයක් තිබුණේ නම් එය මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කර ගැනීමට පෙර පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා වලදී මතු කිරීමට අවස්ථාව තිබු බවයි.

යහපාලන රජයේ කටයුතු තමා කිවිටකත් අනුමත ම්නොකරන බව සඳහන් කළ අදාළ ජේෂ්ඨ දේශපාලනඥයා එම ආණ්ඩුවේද තනතුරු දරමින් විජේදාස රාජපක්ෂ මහතා සිදු කළේ මෙම කාර්යයම බැවයි ඔහු සඳහන් කළේ.

About The Author