දැනට ශ්‍රී ලංකාව තුළ තහනමට ලක් කොට අවහිර කර ඇති වෙබ් අඩවි කිහිපයකට පනවා ඇති අදාළ තහනම ඉවත් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව විශ්වාස දායක ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවනවා.
පසුගිය කාලයේ මෙරට තුළ සහ විදේශයන්හි සිට ක්‍රියාත්මක වූ වෙබ් අඩවි කිහිපයක් විවිධ කරුණු හේතුවෙන් වාරණයට ලක් කෙරුනු අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා එම වෙබ් අඩවි වලට ප්‍රවේශයන්ද අවහිර කර තිබෙනවා.
ඒ අනුව දැනට අවහිර කර ඇති වෙබ් අඩවි පිළිබඳ වාර්තාවක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද වාර්තාවනවා.
බොහෝ විට ඉදිරි සති දෙක ඇතුළත අදාළ කටයුතු සිදුවනු ඇති බව ද දැනගන්නට තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට