Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති රනිල්ට වෙන්න යන දේ ගැන සජිත් පේන කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් ජනපති සහ රාජපක්ෂවරුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ගම්පොළ දී ප්‍රකාශයක් සිදු කොට තිබේ. එනම් වත්මන් රජය මන්දිරවලට වී තරුණ පරපුර මර්දනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් නුදුරු අනාගතයේ දී සමගි ජන බලවේග රජයක් යටතේ එකී මන්දිර රට ගොඩනගන තාරුණ්‍යයට ශක්තියක් ලබා දෙන මධ්‍යස්ථාන 2ක් බවට පත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා පත් වූ දින කියා සිටියේ තමාට වැල් පාලමකින් එගොඩ වීමට සිදුව ඇති බව වුවත් මේ වන විට වැල් පාලමෙන් එගොඩ වී ඇත්තේ රාජපක්ෂ පවුලේ කුමාරවරු ටික බවත් එම කුමාරවරු මේ වන විට කියා සිටින්නේ අරගලයේ සිටි තරුණ පරපුර මර්දනය කළ යුතු බව යි.

ලක්ෂ 220ක් ජනතාව අසරණ වී ඇති මොහොතක රාජපක්ෂවරු සහ ඔවුන්ගේ පරම්පරාව ගොඩ වී ඇති බවත් මෙම කුමාරයාගේ උපදෙස් මත තරුණයෝ පුනතරුත්ථාපනය කිරීමට පුනරුත්ථාපන කාර්යාංශයක් ගෙන ඒමට සූදානම් බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස විරුද්ධ බැවින් රාජපක්ෂවරුන්ගේ උපදෙස් මත ක්‍රියා නොකරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවුවහොත් ඔහුට සිදු වන්නෙත් රාජපක්ෂලාට සිදු වූ දේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

About The Author