ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත්කර තිබෙනවා.
අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, කිංස්ලි රත්නායක මහතා වෙත අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දී තිබෙනවා.
පසුගියදා ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කළ සුදේව හෙට්ටිආරච්චි මහතා මෙන්ම ඔහුද කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වන කිංස්ලි රත්නායක මහතා විසි හත් (27) වසරක මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු ලෙස සුවිශේෂී දක්ෂතා දක්වා තිබෙනවා.
සිරස FM සහ TV නාලිකාවන්හි වැඩසටහන් කළමනාකරුවෙකු, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු, අධ්යක්ෂ ජනරාල්වරයෙකු සහ නාලිකා ප්‍රධානී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති රත්නායක මහතා ප්‍රතිභාපුර්ණ නිවේදකයෙකු ලෙස ජනතා ආකර්ෂණය දිනාගෙන තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට