ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජපානයෙන් ඉල්ලුම් කල ඇස්ට්‍රාසොනිකා එන්නත් ලක්ෂ 6 ක ප්‍රමාණය ලබාදිම සම්බන්ධයෙන් ජපානය සලකා බලමින් සිටින බවට ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කල නිවේදනය සම්බන්ධයෙන් තහවුරු කිරීමක් කල නොහැකි බව ජපානය සඳහන් කරනවා.
ඩේලි මිරර් පුවත්පත විසින් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයෙන් මේ පිලිබඳව සිදු කල විමසීමේදි ශ්‍රී ලංකාවේ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කල නිවේදනය සම්බන්ධයෙන් කිසිදු අදහසක් පලකිරීමෙන් වැලකි සිටින බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.
මීට පෙරද මේ ආකාරයටම චීනයේ නිෂ්පාදනය කල සිනෝෆාම් එන්නතට හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්විම මත බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කිරීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් එය ඉතාමත් සාවද්‍ය තොරතුරක් බව තහවුරු කරනු ලැබුවා.
මෙලෙස අවස්ථා කිහිපයකදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් සඳහන් කළ තොරතුරු සම්බන්ධයෙන් ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන්නේ මෑතකදී එහි සේවයට එක්වූ ජනප්‍රිය මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන කිංස්ලි රත්නායක සහ සුදේව හෙට්ටිආරච්චි යන මහත්වරුන්ය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට