නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි වසර හය සඳහා ද මහ බැංකු අධිපති ධුරය සඳහා පත් කර තිබෙනවා.
මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ නිර්දේශය ලැබීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නන්දලාල් වීරසිංහ මහතාට අදාල පත්වීම් ලිපිය ප්‍රදානය කර තිබෙනවා.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් භාරගත් මහ බැංකු අධිපති ධුරයට අදාළ වසර 6ක ධුර කාල සීමාව අද (30) දිනයේ අවසන් වුණා.
කුමාරස්වාමි මහතා සිය ධුර කාලය සම්පූර්ණ නොකොට මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වූ අතර මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් කුමාරස්වාමි මහතාගෙන් පසු ඉදිරි වසර කිහිපය සම්පූර්ණ කරනු ලැබුවා.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයටත් ඉන් අනතුරුව මුදල් අමාත්‍ය ධුරයටත් පත්වීමෙන් පසු ඔහුට හිතෛෂී පුද්ගලයෙකු මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා සූදානම් පවතින බවට තොරතුරු වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් වික්‍රමසිංහ පාර්ශ්වය සහ රාජපක්ෂ පාර්ශවය අතර යම් ආකාරයක මත ගැටුමක් ද නිර්මාණය වූ අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ බහුතර මතය වූයේ නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි කාල සීමාව සඳහා ද එම ධුරයට පත් කළ යුතු බවයි.
මහබැංකු බැඳුම්කර සිද්ධිය සමයෙහි මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය දැරූ නන්දලාල් වීරසිංහ මහතා සමග වික්‍රමසිංහ පාර්ශ්වය යම් මත ගැටුමක් නිර්මාණය කරගෙන තිබූ බවටද තොරතුරු වාර්තා වුණා.
කෙසේ වෙතත් අවසානයේ ජනාධිපති වරයාගේ අභිමතයට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එකඟවන්නට සිදු වූ බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට