ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගෙන තිබෙනවා.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විචාළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
එහිදී උන්වහන්සේ සෙත් පිරිත් සඡ්ඡායනා කොට ජනාධිපතිවරයාට ආශිර්වාද කර තිබෙනවා.
මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝවාසයේ ඉදිකිරීම් කටයුතුද නිරීක්ෂණය කර තිබෙනවා.
පසුගියදා (26) ජනාධිපතිවරයාගේ මෙම මහනුවර සංචාරය අතර තුර මල්වතු පාර්ශ්වයේ අනු නායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදැක රටේ වර්තමාන දේශපාලන, සමාජ හා ආර්ථික තොරතුරු රැසක් පිළිබඳ උන්වහන්සේට කරුණු පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට