නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලූත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වුණා.
54 වැනි වරටත් පැවැති ජාතික අලූත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණා..
පුරාණ චාරිත්‍රානුකූලව පෙරහැර හේවිසි, සක් නාද මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් බෝ මලූවට පිවිස ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වූ පීඨිකාවේ ස්ථාපිත රන් ආලේපිත පාත්‍රයට සහල් පිරවීම සිදු කෙරුණේ ජනාධිපතිවරයගේ අතින්.
ජනපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට අලුත් සහල් පූජා කරයි


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට