රනිල් ,පාඨලී , අනුර ,සරත් ,රාජිත ගේ ප්‍රජා අයිතිය අර්බුධයක
වත්මන් රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන ලද අතර එම කොමිෂන් සභා වාර්තාව 2020 වසරේදී එලිදක්වනු ලැබුවා.
එම වාර්තාවේ නිගමනයන්ට අනුව යහපාලන ආණ්ඩුව විසින් නිර්මාණය කොට තිබූ දූෂණ විමර්ශන කමිටුව සහ එහි සාමාජිකයන් දේශපාලන පලි ගැනීම සඳහා සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල කර තිබෙනවා. එහි නිර්දේශ කොට ඇත්තේ අදාල වැරදි සම්බන්ධයෙන් ඔවුන් ගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කළ හැකි බවයි.
එම කමිටුවේ සාමාජිකයන් ලෙස ක්‍රියාකළ රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, මංගල සමරවීර එහි ප්‍රධාන චුදිතයන් ලෙස නම් කර තිබෙනවා.
ජනාධිපති කොමිසමේ අදාළ නිර්දේශයට විරෝධය පළ කරමින් මේ වන පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව ඇති අතර පාඨලී චම්පික රණවක මහතා විසින් අදාල ජනාධිපති කොමිසම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණ ඉදිරියේ ගොනු කරන ලද පෙත්සම අද (14) කැඳවීමට නියමිතව තිබෙනවා.
පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා තිබෙන්නේ උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරූ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල රිට් ආඤාවක් මගින් බලරහිත කරන ලෙසත් එකී කොමිෂන් සභාවේ නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් තම අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කිරීම සඳහා කටයුතු කරදෙන ලෙසයි.
එමෙන්ම ඉහත නිර්දේශ පදනම් කරගනිමින්ක දැනට තමාට එරෙහිව සිදු කරනු ලබන සියලු ක්‍රියාකාරකම් වාරණයට ලක් කරන ලෙස ද පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට