එක්සත් ජාතික පක්ෂයේ 77 සංවත්සරයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක් කිරීම පසුගිය 06 වෙනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරුණු අතර අද සවස පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහි කටයුතු නිරීක්ෂණය කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2048 , ජයගමු සංකල්පය අනුව යමින් ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ ඉතිහාසයේ පළමුවරට දේශපාලන පක්ෂයක කටයුතු ඩිජිටල්කරණයට ලක් කෙරුනේ එක්සත් ජාතික පක්ෂයේ ය. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට