ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩක් ඇති බව සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීමට යාම සහ ඒ ඔස්සේ නිර්මාණය වී ඇති තත්වයන් සලකා බලන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට ආසන්න දිනක දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැඩි සම්භාවිතාවක් පෙනෙන්නට ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු පෙන්වා දී තිබෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම දෝෂ සහගත බව පවසා සමාව භජනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති වටපිටාවක අධිකරණය ද දැඩි අර්බුධයකට මුහුණ දී ඇති බවයි.


අත නොහැර කියවන තැන
ත්‍රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්