Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපතිත් අස් වී සුදුස්සන්ට භාර දෙන්න : විපක්ෂ නායක සජිත් පවසයි

රට දිනෙන් දින ප්‍රපාතයටත් අන්ධකාරය ටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී සඳහන් කර තිබෙනවා.

ජනතාව මොහොතින් මොහොත ජීවත්වීමේ අරගලයක යෙදී සිටින බව පැවසූ විපක්ෂනායකවරයා, ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවද දැන් රට අරාජික වී ඇතැයිද පවසා ඇති බව සඳහන්.

ත්‍රස්තවාදය වැළැක්වීම වැනි අණපනත් තුලින් ජනතාව මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ ප්‍රේමදාස මහතා කිසිවිටෙකත් ඉඩ නොතබන බවද පවසා තිබෙනවා.

ජනතා බලාපොරොත්තු සුන් කොට රටට අන්ධකාරය ගෙන ආ මේ දුර්වල අකාර්යක්ෂම ජනතා විරෝධී ආණ්ඩුව, ජනාධිපතිවරයා ප්‍රමුඛව ඉල්ලා අස්වී රට කරගෙන යාහැකි කණ්ඩායමකට එය භාරදිය යුතු බවද ඔහු මෙහදී අවධාරණය කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ දී විපක්ෂය ලෙස රාජ්‍ය මර්ධනයට හසුවන සියලු පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා නීතිඥ සහාය නොමිලේ ලබා දීම වෙනුවෙන් හයසියකට අධික නීතිඥ පිරිසක් සූදානම්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

About The Author