ජනාධිපතිවරයාට අපහාස කරන්නන් දඬුකඳේ ගැසිය යුතු බව සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරනවා.
රට ස්වයංපෝෂිත කළ, අපරාධ කරුවන්ට දඬුවම් ලබාදුන්, ගොවියා රාජ්‍යත්වයට පත් කල , සියල්ල අකුරටම ඉටු කළ නායකයාට අපහාස කරන්නන් දඩුකදේ ගැසිය යුතු බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.
සිය Face book ගිණුමෙහි සටහනක් තබමින් උන්වහන්සේ මේ බව සඳහන් කරනවා.
අදාල සම්පූර්ණ සටහන පහලින්..
ජනාධිපතිවරයාට අපහාස වන දේ සමාජ මාධ්‍යයේ පළ කිරීම හෝ එවැනි දේ අනෙක් අය අතර බෙදා හැරියොත් එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
එහෙයින් මෙසේ ලියන්නට සිතිණි. ජනාධිපතිවරයා පත්වූ දා සිට මේ දක්වා මේ රටේ කිසිදු දූෂණයක්, වංචාවක්, හොරකමක් සිදු නොවුනේය.
බඩු මිල එන්න එන්නම පහත වැටී වැටෙන්නට වෙන පතුලක් නැතිව පස් යට සැඟවී ගියේය.
මරණ දඩුවම හෝ සිර දඩුවම හෝ නියම වූ හෝ කිසිවෙක් නිදොස්කොට නිදහස් නොකෙරිණි.
රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොර පමණක් යෙදීමෙන් රට සහලින් සහ අනෙකුත් භව බෝගවලින් ස්වයංපෝෂිත වී ගොවියා රජෙක් බවට පත්විය.
දේශීය නිෂ්පාදන එන්න එන්නම වැඩිවී අපනයන අහස උසට නැග විදේශ විනිම සංච්තයේ බර දරා ගන්නට බැරිව මහ බැංකු ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියන තත්ත්වයට පත්ව තිබේ.
ගෑස් ටැංකි පිපිරීම් වලට වරදකරුවන් වූ ගෑස් සමාගම්වලට උපරිම දඩුවම් ලබා දී තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා නිර්දේශ සියල්ලම අකුරටම ක්‍රියාත්මක කොට වගකිවයුතු සියල්ලන්ටම උපරිම දඩුවම් ලබා දී තිබේ.
මේ සියල්ලට නායකත්වය දුන් අයෙකුට එසේ නොකළේ යැයි කීම මහා අපහාසයකි.
සත්‍යය අසත්‍යය කුමක් වුවත් එසේ අපහාස කරන්නන් දඩුකදේ ගැසිය යුතුය.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි