ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් වසර අටහමාරක් රට පාලනය කළ හැකි බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව 2030දී තීරණය කළහැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
“අපට නායකයින් රාශියක් ඉන්නවා. අපි එදාට තීන්දු කරමු. තාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවුරුදු එකහමාරයි එතුමාගේ ධුර කාලයෙන් අවසාන කරලා තියෙන්නෙ. එතකොට අවුරුදු 10ක ධුර කාලයෙන් තාම අවුරුදු එකහමාරයි ගිහිල්ලා තියෙන්නෙ. තව අවුරුදු අට හමාරක් අපට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා අපි 2030 දක්වා හදපු සැලැස්ම තුළ. ඒ හින්දා අපි 2030න් පස්සෙ තීන්දු කරමු කවුද අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා”.
© මුලාශ්‍රය – newshub


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට