Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපතිගේ ගෝල බාලයින් අල්ලස් අරන් ආවා 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහුගේ ගෝල බාලයන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා වෙනුවෙන් තමා සමඟ සාකච්ඡා කළ බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක , කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා පවසනවා.

Mee Massoo TV සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ මුදල්, අමාත්‍ය ධුර සහ විවිධ වරදාන ලබාදෙන බව පවසමින් එම නියෝජිතයින් තමන්ගේ සහය ජනාධිපතිවරයාට ලබාදෙන ලෙස ඉල්ලු බවයි.

එමෙන්ම මත්පැන් හල් සඳහා බලපත්‍ර ලබාදීම සඳහාද ඔවුන් යෝජනා කළ බවද වී රාධක්‍රිෂ්ණන් මහතා මෙහිදී අනාවරණය කර තිබෙනවා.

තමන් වතුකරයේ ජනතාව මත්පැන් පානය කිරීමට පුද්ගලිකව අකමැති බවත් ඉන් ඔවුන්ගේ ආර්ථිකය සහ සමගිය සහමුලින්ම වැනසී යන බව තමන් විශ්වාස කරන බවද පවසා ඇති රාධාක්‍රිෂ්ණන් මහතා  විවිධ වරදාන වරප්‍රසාද හමුවේ වතු ජනතාවගේ අනාගත සුබ සිද්ධිය පාවා නොදෙන බවද සදහන් කර තිබෙනවා.

About The Author