අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන් වෙත ජනාධිපතිවරයා ලිපියක් මගින් යොමු කර තිබෙනවා.
ඒ අනුව මෙම සාකච්ඡාවේ පළමු අදියර ලබන සිකුරා දා පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී පිහිටුවීමට නියමිත නව රජයේ ව්‍යුහය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම, ඒ සඳහා 2020 මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සහ මේ වන විට ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින්ට ද ඇරයුම් කර තිබේ.
ජනාධිපතිවරයා මහ නාහිමිවරුන්ටද ලිපියක් යොමු කරමින් සඳහන් කළේ, තමන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව පළ කරන බවයි.
කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ තමන් ධුරයෙන් ඉල්ලා අස්නොවන බවයි.
එමෙන්ම තමන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් නොකරනු ඇති බවට අගමැතිවරයා සඳහන් කර බවට ද අද දින තොරතුරු වාර්තා වුණා.
එම තත්ත්වය තුළ ජනතාව දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති අතර පාලකයන්ට තීරණයකට එළඹිය නොහැකි වී ඇත්තේ මෙවැනි තීරණාත්මක මොහොතක ඔවුන් උමන්තක ස්වභාවයට පත්ව ඇති දැයි ජනතව ප්‍රශ්න කරනවා.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී