Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපතිගේ අසාර්ථක වූ කාබනික පොහොර වැඩසටහනෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීම ලබන සතියේ සිට

ඇමති මහින්දානන්ද කැබිනට් අනුමැතිය හිමිවූ බව කියයි

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 50,000 බැගින් ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතියද ලැබුණ බව කී අලුත්ගමගේ මහතා අදාළ මුදල ලබන සතියේ සිට ලබා දීම සඳහා පියවර ගන්න බවද සඳහන් කළා.

මෙි වන විට වී කිලෝව රුපියල් 92 සහ 95 අතර මුදලකට මිලදී ගන්නා බව කී අලුත්ගමගේ මහතා ගොවීන්ට වගා හානි වන්දිය ද ලැබුණු පසුව කිසිම ආර්ථික අහේනියක් ඇති වීමට ඉඩක් නැති බව ද බවද පැවසීම විශේෂත්වයක්.

රසායනික පොහොර තහනමෙන් පසුව නියමිත වෙලාවට කාබනික පොහොර ලබා දෙන්නට නොහැකි වූ නිසා නිෂ්පාදනයේ අඩුවක් සිදු වූ බව පිළිගත් අලුත්ගමගේ මහතා ගොවීන්ට කිසිදු අසාධාරණයක් වන්නට ඉඩ නොදෙන බව තමා මුල සිටම පැවසූ බවද සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින්.

නමුත් මෙම වන්දි ගෙවීම මුල්වටයේ සිදු කරන්නේ වී ගොවීන් සඳහා පමණක් බව ද අප වෙත වාර්තා වුණා.

අනතුරුව අර්තාපල්, බඩඉරිඟු, මිරිස් ඇතුළු වගාවන් සඳහා ද වන්දි ගෙවීමට සැලසුම් කර ඇති බවයි වාර්තාවන්නේ.

About The Author