Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනතාව මේකේ වගකීම ගත යුතුයි, නැත්නම් අපි කරන දෙයින් වැඩක් නැතිවෙනවා – ජනාධිපති පවසයි

ජනතාව විසින් තම වගකීම ඉටු නොකරන්නේ නම් දින ගණනාවක් රට වසා තැබීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ඇත නොවනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සංචරණ සිමා පවා නොතකමින් ජනතාව වගකීම් විරහිතව හැසිරෙන බවයි.

එමෙන්ම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මහාමාර්ග වලට පිවිසෙන ජනතාව පිළිබඳවද ජනාධිපතිවරයා සිය නොසතුට කළා.

පසුගියදා (28) වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී මේ අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට අවශ්‍ය අහාර ද්‍රව්‍ය ජංගම රථ යොදා ගනිමින් බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකසන ලෙසද උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම ජනතාව වඩා සුපරික්ෂාකාරිව හැසිරීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අව්ශයත්වයද දැඩිව අවධාරණය කිරීම විශේෂත්වයක්.

එමෙන්ම රජයේ එම්න්නත් කරන වැඩපිළිවෙල තුළ අශෝභන සිදුවීම් ඇති නොවීම සඳහා වගබලාගන්නා ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ සියලුම අංශ වෙත උපදෙස් ලබා දුන්නා.

About The Author