Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින් මාස 7කට චූන් උනාට කමක් නෑ – එජාපයේ නව මන්ත්‍රීධුර සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරුන් 2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයට සහාය ලබාදීම හේතුවෙන් ඔවුන් එම මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පසුගියදා කටයුතු කරනු ලැබුවා.

ඒ අදාළ කටයුත්ත සඳහා ලැබුණු අධිකරණ නියෝගයක් ද යොදා ගනිමින්.

එසේ ඉවත් කරන ලද මන්ත්‍රීවරුන්ගෙන් පුරප්පාඩු මන්ත්‍රීධූර සඳහා නවක මන්ත්‍රීවරුන් 74 දෙනෙකු ඊයේ (29) දිනයේ දී පත් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකදීයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉවත් කරන ලද්දේ මහජන පදනමක් සහිතව ඡන්දයෙන් තේරී පත්වූ මහජන නියෝජිතයින් පිරිසක් බවයි.

ඒ වෙනුවට ඔවුන් පත්කර ඇත්තේ පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී පරාජයට පත්වූ පුද්ගලයන් බවද ඔහු සඳහන් කළා.

පළාත් පාලන ආයතනවල කාල සීමාව තවත් මාස හතකින් පමණ අවසන් වන බවත් එම කාල සීමාව තුළ වැටුප් ලබමින් අදාළ පුද්ගලයින් චූන් එකක් ගත්තාට කමක් නැතැයි කී සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඡන්ද දායකයින් විසින් ඊට අදාළ ප්‍රතිචාරය ලබා දෙනු ඇති බව ද සදහන් කළා.

About The Author