Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනතාවට වැල් බයිලා – ආණ්ඩුවේ තවත් වික්‍රමයක් එළියට

ආණ්ඩුව විසින් වාහන ආනයනය නතර කර ඇති බව ජනතාවට පවසද්දී හොර රහසේම සිදු කරන මහා අකටයුතු කමක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තාවනවා.

කොරෝනා වසංගතයට මුහුණ දීමට බව පවසමින් ගිලන්රථ 50ක් ගෙන්වීමට මුවා වී අධිසුඛෝපභෝගී වාහන 349ක් ආනයනය කිරීමට යි මේ වන විට සැලසුම් කර තිබෙන්නේ.

මෙම මුළු වාහන ආනයන වෙනුවෙන් බදු රහිතව රුපියල් කෝටි 350ක් වැය වන අතර ගිලන්රථ 50ක් හදිසි අවශ්‍යතා සඳහා ගෙන්වීමට මුවා වී 2.7 CC ආසන 07 ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ 227ක්, 6.4CC හිනෝ කැබ් රථ 52ක් සහ ටොයෝටා ලෑන්ඩ් කෘසර් 01, හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් 69ක් මෙසේ ආනයනය කිරීම සදහා සැලසුම් කර තිබෙනවා.

මේ සඳහා දැනටමත් ලංකා බැංකුව විසින් ලීසිං පහසුකම් යටතේ රුපියල් කෝටි 350ක් වෙන්කර ඇති බවයි අනාවරණය වන්නේ.

මේ වෙනුවෙන් අවශ්‍යකරන ණයවර ලිපිය පසුගිය අප්‍රේල් 29 වනදා විවෘත කර ඇති තිබෙනවා.

රට තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් මර්දන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආණ්ඩුවෙන් වෙන් කිරීම් ප්‍රමාණවත් නොවන බැවින් මෙරට ධානපතියන්ගෙන් සහ විදේශගත ලාංකිකයන්ගෙන් ආධාර ඉල්ලීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින පසුබිමක මෙම අධිසුඛෝපභෝගී වාහන ‍තොගය ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම පුදුමය දනවන්නක්.

© මුලාශ්‍රය – News Hub

About The Author