Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනතාවට ආණ්ඩුවෙන් ව්‍යසන මල්ලක් : හිටපු ඇමති වජිර කියයි

නිවැරදි මාවතට රට යොමුකරන රනිල් යුගයක් නැවත ගේනවා

නව වසරේ තෑගි මල්ලක් ලෙස ආණ්ඩුව ජනතාවට ලබාදී ඇත්තේ ව්‍යසන මල්ලක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

ආණ්ඩුව විසින් මේ වන විට රටේ ආර්ථිකයට කර තිබෙන හානිය මුදල් අච්චු ගසා ජනතාව අතර බෙදාදීමෙන් විසඳා ගත නොහැකි බව පෙන්වා දෙන වජිර අබේවර්ධන මහතා අවධාරණය කරන්නේ මේ හේතුවෙන් ප්‍රශ්න තවදුරටත් සංකීර්ණ වීම අනිවාර්ය බවයි.

එදා බොරු අවලාද නගමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපය විවේචනය කළ පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ වන විට යතාර්ථය අවබෝධ කරගෙන ඇති බවද සඳහන් කළා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ නැවත රට ගොඩනගා සියලු රටවැසියන් සවිබල ගන්වන යුගය අරඹන බවද සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ මුදල් අමත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට ලබාදුන් සහන මල්ලෙන් රටට හෝ ජනතාවට යහපතක් උදානොවන බව පෙන්වා දුන් අබේවර්ධන මහතා පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් වල මිල පවා තවදුරටත් ඉහල යනු ඇති බවද පෙන්වා දුන්නා.

ලබාදුන් සහනය පුස්සක් බවත් රටතුළ ඇති ඩොලර් හිඟය මුදල් අච්චු ගසා පියවීමට යාම අනුවණ කමක් බවත් සඳහන් කළේ එහි බරපතළ ප්‍රතිවිපාක වලට ජනතාවට නොදුරේදීම මුහුණ දීමට සිදුවන බවට අනතුරු අඟවමින්.

About The Author