Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජගත් මානව හිමිකම් සැසියේදී ඉන්දියාවත් ලංකාවට අප්‍රසාදය පළකරයි : උතුරු නැගෙනහිර බලය බෙදන ලෙස දැනුම් දෙයි

දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රමාණවත් කැපවීමක් නොකිරීම ගැන සිය අප්‍රසාදය සහ කනස්සල්ල පළ කරන්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසිවාරයේදී ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනී පාන්ඩේ පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් දැක්වෙන මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කරමින් අර්ථවත් ගෝලීය සංවාදයක් පවත්වාගැනීමට රාජ්‍යයන්ට ඇති වගකීම ඉන්දියාව සැම විට ම විශ්වාස කරන්නේ යැයිද පාන්ඩේ සිය ප්‍රකාශයෙන් අවධාරණය කර තිබේ.

එමෙන්ම 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර පළාත් සභාවලට බලය බෙදීමෙන් ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් දීමෙහි ශ්‍රී ලංකා රජය සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර නැතැයිද ඔහු කියා ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවලට අදාළ ඡන්ද විමසීම්වලදී තුන්වරක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් ඉන්දියාව අවස්ථා දෙකකදී ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

About The Author