සලකා හන්දියේ සෙංකඩ ප්‍රින්ටර්ස් ආයතනයට චෝදනා – ඒක තමයි අපේ ගාණ ආයතනය ප්‍රතිචාර දක්වයි
ජේද දෙකක් ටයිප් කොට කළු සුදු මුද්‍රණ පිටපතක් ලබා දීම සඳහා සෙංකඩ ප්‍රින්ටර්ස් ආයතනය තමන්ගෙන් රුපියල් 500ක මුදලක් අය කිරීම අසාධාරණ බව පවසමින් රජයේ ප්‍රසිද්ධ රාජ්‍ය අමාත්‍යවරයකුගේ මාධ්‍ය ලේකම් තනතුරක් හොබවන රංගන ශිල්පියෙකු ද වජිර කොඩිතුවක්කු මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.
අද පෙරවරුවේ තම මිතුරෙකු ද සමගින් ලිපියක් සකස් කර ගැනීම සඳහා ඔහු සලාකා හන්දියේ පිහිටා ඇති සෙංකඩ ප්‍රින්ටර්ස් ආයතනයට ගොස් ඇති අතර ඔහු පවසන ආකාරයට ඡේද දෙකකින් යුත් ලිපියක් ඔහු එහිදී සකස් කරවා ගෙන තිබෙනවා.
ඊට අමතරව එහි මුද්‍රිත පිටපතක් ද ලබා ගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා.
කාර්යය අවසන් වීමෙන් පසු තමා ලබා ගත් සේවාව සම්බන්ධයෙන් මුදල් ගෙවීමට ගිය අවස්ථාවේ අදාල ආයතනය විසින් ඔහුට රුපියල් 500ක බිල් පතක් ලබා දී තිබෙනවා.
වජිර කොඩිතුවක්කු මහතා පවසන්නේ අදාළ බිල්පත දුටු තමා මවිතයට පත් වූ බවයි.
සාමාන්‍යයෙන් A4 ප්‍රමාණයේ පිටුවක් ටයිප් සෙටින් කිරීම සඳහා රුපියල් 40 – 100 අතර මුදලක් අය කෙරෙන අතර කළු සුදු මුද්‍රණ පිටපතකට අය කරන්නේ රුපියල් 20 කට අඩු මුදලක්.
කෙසේ වෙතත් තමන්ට ලැබුණු බිල්පත සම්බන්ධයෙන් වජිර කොඩිතුවක්කු මහතා අදාළ ආයතනයෙන් ප්‍රශ්න කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ අදාළ කාර්ය සඳහා කවුරුන් කුමන ගණන් අය කළද තම ආයතනයේ අය කිරීම මෙය බවයි.
මේ පිළිබඳව අප ද අදාළ ආයතනයෙන් විමසීමක් සිදු කළ අතර ඔවුන් අපට ද තහවුරු කළේ එක් පිටුවක් ටයිප් සෙටින් කිරීම සඳහා ඔවුන්ගේ අය කිරීම රුපියල් 500ක් බවයි.
කෙසේ නමුත් වජිර කොඩිතුවක්කු මහතා පවසන්නේ මෙය ඉතා අසාධාරණ ක්‍රියාවක් බවයි.
එක් එක් පුද්ගලයින් සහ ආයතන මෙලෙස හිතු මනාපයේ අධික මුදලක් අය කරමින් පාරිභෝගික ජනතාව හුරා කෑමට එරෙහිව තමා පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළා.
මේ දිනවල පවතින තත්වය මත බොහෝ මාපියන්, දරුවන් මෙනම් ගුරුවරුන්ද මෙවැනි ආයතන වල සේවාව ලබා ගන්නා අතර නිසි නියාමනයකින් තොරව විවිධ ආයතන තම තමන්ට රිසි සේ මුදල් අය කර ගැනීම නම් බරපතල අසාධරණයක් නොවන්නේද?
මෙවැනි ආයතන සහ එහි සේවාවන් පිළිබඳ නියාමනයක් සහ පාලන මිලක් අවශ්‍ය නොවන්නේද ?
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී