Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීන සමාගමේ පොහොර ප්‍රමිතියට පටහැනි බව ශාක නිරෝධායන අංශය නැවත තහවුරු කරයි : කෘෂිකර්ම ඇමතිවරුන්ටත් ලිඛිතව දැනුම් දෙයි

ලංකාව බලා යාත්‍රා කරන Hippo Spirit නෞකාවේ ඇත්තේ එම පොහොර බව ද කියයි

චීනයේ Quingdao Seawin Biotech නම් සමාගම හරහා ලංකාවට ගෙන ඒමට සැලසුම් කර ඇති කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා වර්ග අඩංගු බව ජාතික ශාක නිරෝධායන සේවය විසින් නැවත තහවුරු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ලිපියක් නිකුත් කරන ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ අදාල සමාගම සිය කොන්දේසි පවා උල්ලංඝනය කර ඇති බවයි.

අදාළ පොහොර තොගය මෙරටට එවීමට කටයුතු කරමින් සිටින චීන සමගම සහ එම තොගය ගෙන්වීමට අදාළ මෙරට පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෝලිත අබේසිංහ යන මහත්වරුන් වෙත ලිපියක් යොමුකරන ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා මේ පිළිබඳ කරුණු දැනුවත් කර තිබෙන්නේ එම ලිපියේ පිටපත් විෂය භාර අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුට ද යොමු කරමින්.

කෙසේ වෙතත් මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින්නේ අදාළ පොහොර තොගය අඩංගු Hippo Spirit නෞකාව ඒවා මෙරට ගොඩබෑම සඳහා ශ්‍රී ලංකාව වෙද පැමිණෙමින් තිබෙන බවයි.

අප මේ පිළිබඳ ඊයේ දිනයේ විශේෂ අනාවරණයක් ද සිදුකළා.

එම විශේෂ අනාවරණය මෙතනින් කියවන්න

නඩුවක්

කෙසේ වෙතත් ජෛව පද්ධතියට අහිතකර මෙම පුහුණු ලංකාවට ගෙන ඒම වළක්වාලන ලෙස ඊයේ දිනයේ අධිකරණය හමුවේ පැමිණිල්ලක්ද ගොනු කර තිබෙනවා.

නමුත් මේ සියලු කරුණු ක්‍රියාත්මක වීමට පෙර ප්‍රශ්නගත අදාළ පොහොර තොගය ලංකාවට ගෙනැවිත් බෙදා හැරීමට සූක්ෂම සැලැස්මක් ඇති බවටද තොතරතුරු වාර්තා වෙමින් පවතිනවා.

About The Author