Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීන මිතුරාගේ තරම එළියට – හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

අසූචි සහ අහිතකර බැක්ටීරියා අඩංගු අඩංගු කාබනික පොහොර තොගය බලෙන් ඇඟේ ගැසීමට එයි – නොගත්තොත් හොඳහිත පළුදු වෙයිලු

චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට බාධාවක් ඇතිවිය හැකි බවට සඳහන් කරමින් චීන තානාපතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයාට ලිපියක් එවා ඇතැයි වාර්තාවනවා.

අදාළ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට බලපාන ලද කාරණා පිළිබඳවත්, මෙවැනි කටයුතු මගින් දෙරට අතර මිත්‍රත්වයට ගැටලු ඇතිවන තත්ත්වය පිළිබඳවත් අදාළ ලිපියේ සඳහන් කර ඇති බවද සඳහන්.

එමෙන්ම, අදාළ පොහොර තොග ප්‍රතික්ෂේප කර දෙරට අතර විශ්වාසය නොබිඳෙන ලෙස ද එම ලිපියේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් චීන තානාපති කාර්යාලය හරහා ලද ලිපියට කෘෂිකර්ම අමාත්‍යාංශයද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඒවා ප්‍රතික්ෂේප කිරීමට බලපෑ තාක්ෂණික කාරණා පිළිබඳව චීන තානාපති කාර්යාලයට යැවූ ලිපියේ සඳහන් කළ බවයි.

කෙසේ නමුත්, චීන සමාගමෙන් තවත් පොහොර සාම්පලයක් ගෙන්වා පරීක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වන විට කටයුතු යොදමින් පවතින බවද වාර්තා වනවා.

මීට පෙර අදාළ පොහොර සාම්පල රසායනාගාර පරීක්ෂණයන්ට ලක් කළ අතර එහිදී පැහැදිලිවම අනාවරණය වුයේ එම සාම්පලවල අහිතකර බැක්ටීරියා සහ සංඝටක රැසක් අඩංගු බවයි.

එපමණක් නොව අදාළ පොහොර සාම්පල වල මිනිස් අසුචි වල අඩංගුවන ඊකෝලායි බැක්ටීරියාව අඩංගු බවද හෙළිවුණා.

මේ සම්බන්ධයෙන් අප ද හිටපු රේගු අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා රේගුවේ ජෛව ආරක්ෂණ ඒකකයේ නිර්මාතෘ සමන්ත ගුණසේකර මහතාගෙන්ද කරුණු විමසුවා.

එහිදී ඔහු අවධාරණය කළේ මෙය රටක් ලෙස ඉතා අවධානම් සහගත කටයුතක් වන බවයි.

About The Author